සියලුම ජංගම දුරකතන IMEI අංක ලියාපදිංචිය අනිවාර්යයි

සියලුම ජංගම දුරකතන IMEI අංක ලියාපදිංචිය අනිවාර්යයි

සියලුම ජංගම උපාංග සඳහා අනිවාර්ය IMEI ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) නිවේදනය කර තිබෙනවා.

මේ මස 28 වැනිදා සිට ලියාපදිංචි නොකළ IMEI අංක සහිත ජංගම උපාංග තවදුරටත් ශ්‍රී ලංකා විදුලි සංදේශ ජාලවල ක්‍රියාත්මක නොවන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත්, මෙම දිනයට පෙර දේශීය ජාල වෙත දැනටමත් සම්බන්ධ කර ඇති උපාංග මෙම නව අවශ්‍යතාවයෙන් නිදහස් කෙරෙනවා.

පරිශීලකයින්ට 1909 ට “ IMEI <අංක-15 IMEI අංකය>” ආකෘතිය සමඟ SMS යැවීමෙන් ඔවුන්ගේ උපාංගයේ ඓMEඓ ලියාපදිංචි තත්ත්වය සත්‍යාපනය කර ගත හැකි වනවා.

වැඩි විස්තර සඳහා පරිශීලකයින්ට 1900 ක්ෂණික ඇමතුම් අංකය හරහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා සම්බන්ධ විය හැකි අතර,
නැතහොත් www.trc.gov.lk හි ඔවුන්ගේ නිල වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබාගත හැකියි

විදුලි සංදේශ ජාල ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ උපාංග ආශ්‍රිත වංචා අවම කිරීම අරමුණු කරගත් මෙම පියවර ඔස්සේ, පරිශීලකයන්ට ඔවුන්ගේ සියලු උපාංග විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමට සිදුවනු ඇති.

Share This