වෙඩි තැබීම් ගැන මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්

වෙඩි තැබීම් ගැන මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්

ගත වූ මාස හතරක් තුළ සිදු රට පුරා සිදු වූ වෙඩි තැබීම්වලට අදාළව සැකකරුවන් 25කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්.

එම පිරිස අතර හමුදා මේජර්වරයෙක් ඇතුළු 9 දෙනෙක්ද  සංවිධානාත්මක අපරාධකරුවන් 15 දෙනෙක් ද සිටින බව සඳහන්.

යුද හමුදා මේජර්වරයෙක්, සෙසුනිලයන්හි හය දෙනෙක්,  පොලිස් නිලධාරියෙක් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙක්, සමඟ සංවිධානාත්මක අපරාධකරුවන් පහළොස් දෙනෙකු සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස අපරාධ  සිදුකිරීමට සම්බන්ධ ආරක්ෂක හමුදාවල සහ පාතාලයේ පිරිස අත්අඩංගුවට ගැනීමේ දී වත්මන් ආණ්ඩුව විසින් ඔවුන් සතු ආයුධ තොගයක් ද සොයාගෙන තිබෙනවා.

එලෙස සොයාගත්  අවි ආයුධ අතර T56 ගිනිඅවි 7ක්, පිස්තෝල 10ක්, රිවෝල්වර 14ක්, බෙහෙත් කොටන තුවක්කු 461ක්, බෝර 12 ගිනිඅවි 58ක්, ගල්කටස් 13ක්, රිපිටර් 2ක් ඒ අතර තිබෙන බවයි, ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ.

මීට අමතරව  ගෙවී ගිය මාස දෙකක් වැනි කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 354ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 3847ක්, කොකේන් කිලෝග්‍රෑම් 3.8ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 181.9ක්, අයිස් කිලෝග්‍රෑම් 759ක් ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.

Share This