පොලිස් සේවය පුරප්පාඩු 28,000ක් ඇති බව ඇමති කියයි

පාර්ලිමේන්තුවේ අද (08) පැනයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු අමාත්‍ය ආනන්ද විජයපාල සඳහන් කරන්නේ මේ වන විට පොලිස් සේවය පුරප්පාඩු 28,000ක් පවතින බවයි.
පොලිස් සේවයේ පුරප්පාඩු 5,000ක් සඳහා කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය හිමිවී ඇති අතර අදාල ගැසට් නිවේදනය මේ වන විට පළ කරා ඇති බවයි.
උප පොලිස් පරීක්ෂක සහ පොලිස් කොස්තාපල් යනවා තනතුරු සඳහා අයදුම්පත් ලබමින් පවතින බවයි.
පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 5,000කට උසස් වීම් ලබාදීමට බලාපොරොත්තු වන අතර පරීක්ෂණ ශ්‍රේණියේ සිටින නිලධාරීන් 1,500කට උසස් වීම් ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
චන්දන ලක්මාල්