චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා දිවයිනට

චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා දිවයිනට

මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු වන්ග් වෙන්ටාඕ (Wang Wentao) තෙදින නිල සංචාරයක් සඳහා අද (28) දින ශ්‍රී ලංකාවට පැමිණියේය.

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඒ මහතා පිළිගැනීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහභාගී විය.

මෙම නිල සංචාරයේදී ගරු වන්ග් වෙන්ටාඕ මහතා මැයි 29 වන දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-චීන ආර්ථික සහයෝගීතා ඒකාබද්ධ කමිටුවේ 8 වන සැසිවාරයට සහ මැයි 30 වන දින කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-චීන ආයෝජන සහ ව්‍යාපාරික සංසදයට ද සහභාගී වීමට නියමිතය.

Share This