කිරි තේ මිල ඉහළ යන හැටි මෙන්න

කිරි තේ මිල ඉහළ යන හැටි මෙන්න

ලබන අප්‍රේල් පළවෙනිදා සිට ආනයනික කිරිපිටි මිල ඉහළ යාමත් සමඟ කිරි තේ එකක මිල ඉහළ යනු ඇති බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ අප්‍රේල් පළවෙනිදා සිට කිරි තේ එකක මිල රුපියල් දහයකින් ඉහල දැමීමට තීරණය කරපු බවයි.

අප්‍රේල් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල සියයට 4.7කින් ඉහළ දැමීමටයි එහි ආනයනකරුවන් තීරණය කළේ.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති.

  • චන්දන ලක්මාල්
Share This