මිදිගම රුවන් ලබන 8වැනිදා දක්වා රිමාන්ඩ්
නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි අවස්ථාවේ පැනයාමට සහාය දැක්වුවා යැයි චෝදනා එල්ල වී තිබෙන රුවන් චාමර නොහොත් මිදිගම රුවන් ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළා.
මොහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ ආභරණ මැනික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලද වාර්තාවට අනුව එහි වටිනාකම ලක්ෂ 14ක් බව ද අධිකරණයට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා.
ඔවුන් වැඩිදුරටත් සදහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කටයුතු කිරීම සදහා නීති විරෝධී වත්කම් බැරකම් විමර්ශන ඒකකයටද යොමු කර ඇති බවයි.
එහෙමන්ම ජාත්‍යන්තර පොලිසිය මඟින් නිකුත් කර තිබුණු රතු නිවේදනයකට අනුව ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි කුඩු සළිඳුගේ සමීපතමයකු වන රක්ෂිත බන්ධනාගරගතව සිටින හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නැමැත්තා ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩුව නීතිපති උපදෙස් සදහා කල් තබමින් ඔහු ජනවාරි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඩුබායි සිට මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ගුවන්තොටුපොළේදී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.