කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අද (29) මධ්‍ය්හන 12.00ට නිකුත් කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගුවේ.
නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු-මැද, උතුරු සහ සබරගමුව පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව අදාළ නිවේදනයේ සඳහන්ය.