වැස්ස ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වැස්ස ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

දිවයිනේ පළාත් කිහිපයකට අද (11) ඉතා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකිය.

ඊට අමතරව බස්නාහිර සහ සබරගමු පළාත්වලත් නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කය වැසිවාර කීපයක් ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද බස්නාහිර සබරගමුව වයඹ සහ දකුණු පළාත්වලත් තිරිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන සුළඟ පැ.කි.මි (50-60) ක ඉතා තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This