වැස්ස ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

වැස්ස ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

බොහෝ ප්‍රදේශවල අද (28) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසී හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව මුලති වූ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකිය.

අන්තර් නිවර්තන අභිසාරි කලාපය ( උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරි නව කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් එල්ල කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

චන්දන ලක්මාල්

Share This