මර්වින් සිල්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු අද (17) මහර මහේස්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා අලෙවි කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට මර්වින් සිල්වා මහතා පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව සඳහන්.