මර්වින් සිල්වා ඇතුළු පිරිස යළිත් රක්ෂිත බන්ධනාගාරයට  

මර්වින් සිල්වා ඇතුළු පිරිස යළිත් රක්ෂිත බන්ධනාගාරයට  

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ මේ සම්බන්ධයෙන් වන නඩුව අද (24) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව සඳහන්.

ඒ අනුව ඔවුන්ද ලබන 03 වැනිදා දක්වා රක්ෂත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

Share This