මර්වින් සිල්වා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරයට

කැලණිය ප්රාදේශීය සභාවට අයත් ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිස ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ, මහර මහේස්ත්රාත් අධිකරණය විසින්.