මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ.
තිදෙනාගෙන් එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් මෙන්ම ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත ඔවුන් මුදාහැර ඇති අතර ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර ඇති බව සඳහන් වේ.
මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජයරත්න මහතා අද (03) සලකා බැලීමෙන් අනතුරුව ඇප නියම කර ඇත.
තිදෙනාගෙන් එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් මෙන්ම ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත ඔවුන් මුදාහැර ඇති අතර ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබේ.
තවද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස විත්තිකරුවන්ට දැඩි ලෙස අවවාද කළ අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.