නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අතර හමුවක් අද (02) පවත්වා තිබෙනවා.

ඒ, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදීයි.

එහිදී ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති වශයෙන් පත්වීම සම්බන්ධයෙන් වයිස් අද්මිරාල් කාංචන බානගොඩ වෙත ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිය සුභ පැතුම් එක් කළා.

ඉන් අනතුරුව සමුද්‍රීය ආරක්‍ෂාව සහ ජාතික කර්තව්‍යන්හීදී නාවික හමුදාවේ දායකත්වය ඇතුළු වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙම දෙපළ අතර අදහස් හුවමාරු වූ බව සඳහන්.

එමෙන්ම මෙම ප්‍රථම නිල හමුවීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළණයක් ප්‍රදානය කෙරුණා.

Share This