ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් අගමැතිය හමුවෙයි

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් අගමැතිය හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ දේශීය අධ්‍යක්ෂ Takafumi Kadono අතර හමුවක් පවත්වා තිබෙනවා.

මෙරට සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස එම බැංකුවේ කාර්යභාරය මෙම සාකච්ඡාවේදී යළිත් අවධාරණය කෙරුණු බවයි, අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳව එහි වැඩි අවධානයක් යොමු වුණා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා පාසල් යටිතල පහසුකම්, ගුරු – විදුහල්පති පුහුණුව සහ ඇගයීම් යාන්ත්‍රණ සංවර්ධනය කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළ බව සඳහන්.

අඛණ්ඩ ව්‍යාපෘති හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අභියෝගවලට විසඳුම් සෙවීමට සිය දායකත්වය ලබාදීම පිළිබඳව ADB නියෝජිතයින් වැඩිදුරටත් සාකච්ඡා කළා.

Share This