ජනපති අනුර සහ චීන අගමැති අතර හමුවක්

ජනපති අනුර සහ චීන අගමැති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන අගමැති ලී ච්‍යං මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, චීන මහජන ශාලාවේදීයි.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයකට අනුව සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (13) රාත්‍රීයේදී දිවයිනෙන් පිටත්ව ගියා.

එම රාජ්‍ය සංචාරයේ තෙවැනි දිනය අදයි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහත්වරුන්ද මෙම සංචාරය සඳහා එක්ව සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Share This