අමාත්‍ය උපාලි පන්නිලගේ සහ ස්විට්සර්ලන්ත තානාපතිනිය අතර හමුවක්

අමාත්‍ය උපාලි පන්නිලගේ සහ ස්විට්සර්ලන්ත තානාපතිනිය අතර හමුවක්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා හා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තාන්නාපතිනිය වන සිරි වෝල්ට් අතර හමුවක් අද (23) අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් පිරිසකට ස්විට්සර්ලන්ත දේශපාලන ක්‍රමය පිළිබඳ අධ්‍යන චාරිකාවකට කළ ආරධනය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කළ බව සඳහන් වේ.

දෙරටේ රාජ තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීමට එහි ඇති වැදගත්කම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි.

තවද ස්විට්සර්ලන්ත ජාතිකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා දක්වන උනන්දුව ඉතා ඉහල මට්ටමක පවතින බව වෝල්ට් මහත්මිය එහිදී සඳහන් කළාය.

Share This