සුනාමි වැනි විපතක් යළි සිදුනොවේවා
නාමල්ගෙන් ප්‍රාර්ථනයක්
ශ්‍රී ලංකාව, සුනාමි ව්‍යසනයට මුහුණ පා අදට (26) විසි වසරක් සම්පූර්ණ වනවා.
2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වනදා සුමාත්‍රාව ආසන්නයේ සිදුවූ භූ කම්පාව සමඟ ඇති වූ සුනාමි රළ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ළඟා වුණා.
එම රුදුරු රළ පහර රට තුළ කඩා වැදීම හේතුවෙන් මෙරට පුද්ගලයින් 35,000 කට සිය ජීවිත අහිමි වුණා.
එපමණක් නොව තවත් 5000 කට වැඩි පිරිසක් අතුරුදන් වුණා.
අදට විසි වසරක් සපිරෙන මෙරට ඉතිහාසයේ සිදුවුණු දරුණුතම ඛේදවාචකය සහ ඉන් ජීවීත අහිමිවූවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් දක්වා තිබෙනවා.
උපුටා ගැනීම..
“ජීවිත දහස් ගණනක් අපට අහිමි වූ සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 20කි..
සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූ සහ අගතියට පත් ආදරණීය ජනතාව සංවේගයෙන් සිහිපත් කරමි..
කෙතරම් බාධා පැමිණියත් අපි එම ව්‍යසනයෙන් අපේ රට නැවත ආර්ථික, සමාජයීය සහ භෞතික සම්පත්වලින් සංවර්ධනය කළෙමු..
එවන් විපතක් යළි කිසි දිනෙක උදා නොවේවායි ප්‍රාර්ථනා කරමි..!
උපුටා ගැනීම අවසන්..