මාස්ටර් ලීග් තරගාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

මාස්ටර් ලීග් තරගාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

ජාත්‍යන්තර මාස්ටර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සමඟ ඊයේ (26) පැවැති තරගය කඩුලු 07කින් ජයගැනීමත් සමඟයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 180ක්.

එහිදී හෂීම් අම්ලා ලකුණු 76ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී ඉසුරු උදාන සහ චතුරංග ද සිල්වා කඩුලු දෙක බැගින් දවාගැනීමටයි සමත් වුණේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17.2ක් තුළ කඩුලු 03ක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.

එහිදී අසේල ගුණරත්න ලකුණු 59ක් සහ චින්තක ද සිල්වා ලකුණු 51ක් ලබාගැනීමටයි සමත් වුණා.

පන්දුයැවීමේදී තන්ඩි ටිෂබලාලා කඩුලු 02ක් බිඳහෙළුවා.

ජාත්‍යන්තර මාස්ටර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ  ප්‍රථම ස්ථානයේ ඉන්දීය කණ්ඩායමත්, තෙවන ස්ථානයේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමත් පසුවනවා.

Share This