මනූෂ නානායක්කාරගේ පුද්ගලික ලේකම්ට ඇප

මනූෂ නානායක්කාරගේ පුද්ගලික ලේකම්ට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ ශාන් යහම්පත් ගුණරත්න මහතා ඇප මත නිදහස් කර තිබේ.

ඒ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝගයකට අනුවය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැනවීමට ද කටයුතු කළේය.

මෙම නියෝගය නිකුත් කළේ, අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

Share This