බිරිඳ සමඟ දික්කසාද නඩුවකින් කලකිරී සිටි සැමියා සියදිවි නසාගෙන

බිරිඳ සමඟ දික්කසාද නඩුවකින් කලකිරී සිටි සැමියා සියදිවි නසාගෙන

දිල්ලියේ ව්‍යාපාර හිමිකරුවෙකු තම බිරිඳ සමඟ පවතින දික්කසාද නඩුවක් මධ්‍යයේ සියදිවි නසාගෙන මිය ගිය බව දිල්ලි පොලීසිය පවසනවා.

තම දික්කසාද නඩුව අතරතුර බිරිඳ සමඟ අමනාපයෙන් සිටි සැමියා නිවසේ ගෙල වැලලාගෙන මිය ගොස් සිටියදී හමුව ඇති බව සඳහන්.

මෙම සිය දිවි නසා ගැනීමට පෙර ඔහු, ඔහුගේ බිරිඳ සමඟ දුරකථනයෙන් කතා ඇති බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

දුරකථනයෙන් කළ සංවාදයේදී, දික්කසාද නඩුව තිබියදීත් ඔවුන් දෙදෙනා සම හවුල්කාරීත්වයක් දරන ව්‍යාපාරයෙන් වෙන් කළ නොහැකි බව බිරිඳ පවසා තිබෙනවා.

කෙසේ වෙතත් එම දුරකථන ඇමතුමෙන් අනතුරුව සැමියා සිය දිවි නසා ගෙන ඇති බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

පොලීසිය මියගිය පුද්ගලයාගේ දුරකථනය ද සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

Share This