ඉයෝවින් කුණාටුව පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

ඉයෝවින් කුණාටුව පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

එක්සත් රාජධානිය සහ අයර්ලන්තයට බලපා ඇති ඉයෝවින් කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ දරුණු සුළං හේතුවෙන් එක් අයෙකු මිය ගොස්, නිවාස විශාල සංඛ්‍යාවකට විදුලිය විසන්ධි විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අයර්ලන්තයේ, ඩොනගල් ප්‍රාන්තයේ රෆෝ හි ගසක් ඔහුගේ මෝටර් රථය මතට කඩා වැටීමෙන් මෙම පුද්ගලයා මිය ගොස් ඇති බව සඳහන්.

උතුරු අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයේ සමහර ප්‍රදේශවල ට පැයට කිලෝමීටර 160 ක පමණ සුළං ඇති වෙතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ හැකි බරපතලම අනතුරු ඇඟවීම වන රතු අනතුරු ඇඟවීම් දෙකක් නිකුත් කර තිබෙනවා.

වේගයෙන් හමන සුළං හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවකට නිවසේ රැඳී සිටින ලෙසයි බලධාරීන් උපදෙස් දී ඇත්තේ.

එක්සත් රාජධානියේ ගුවන් ගමන් පහෙන් එකක් මේ වන විට අවලංගු කර ඇති අතර, ස්කොට්ලන්තයේ සියලුම දුම්රිය නතර කර තිබෙනවා.

ගොඩනැගිලිවලට හානි කරමින් ගස් කඩා වැටීම නිසා උතුරු අයර්ලන්තයේ සෑම පාසලක්ම වසා දමා ඇති බවත් සඳහන්.

ප්‍රබලතම සුළං පහව ගොස් ඇති නමුත් කුණාටුව තවමත් ස්කොට්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ වෙරළ තීරය සහ කඳුකරය හරහා පැයට පැයට කිලෝමීටර 128ට වඩා වැඩි සුළංඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය සහ උතුරු එංගලන්තයේ ඇම්බර් අනතුරු ඇඟවීම් තවමත් ක්‍රියාත්මකවන අතර ඉදිරි දින කිහිපය තුළ එක්සත් රාජධානිය පුරා සුළං, වැසි, හිම සහ අයිස් සඳහා කහ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි බීබීසී පුවත් සේවය පවසන්නේ.

Share This