මාලදිවයින ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටට ඇතුළු වීම තහනම් කරයි

මාලදිවයින ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට එරටට ඇතුළුවීම තහනම් කර තිබේ.
ඒ 2025 අප්‍රේල් 15 වන දින පැවති වසරේ පළමු සැසිවාරයේ 20 වන රැස්වීමේදී මහජන මජ්ලිස් විසින් සම්මත කිරීමෙන් පසුව, මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මාලදිවයිනේ ආගමන පනතේ තුන්වන සංශෝධනය (නීතිය අංක 01/2007) අනුමත කිරීම හරහාය.
මෙම සංශෝධනය මගින් ආගමන පනතට නව විධිවිධානයක් හඳුන්වා දෙන ලදී.
එහිදී ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර ඇති පුද්ගලයින් මාලදිවයින ජනරජයේ භූමියට ඇතුළුවීම පැහැදිලිවම තහනම් කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මෙම අනුමැතිය ලබා දී ඇත්තේ ඊශ්‍රායලය විසින් පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරන ලද අඛණ්ඩ කුරිරුකම් සහ ජන සංහාර ක්‍රියාවන්ට ප්‍රතිචාරයක් වශයෙනි.
සඳුනි තිලකරත්න