මාලනී ෆොන්සේකා දැයෙන් සමුගනියි

හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ඒ, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේය.
පසුගිය 24 දා අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ මාලනී ෆොන්සේකා මහත්මිය මිය යන විට 78 වන වියේ පසුවූවාය.
පසුව අද පෙරවරුවේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ අතර ඒ අනුව අද පස්වරු 3.30 දක්වා මහජන ගෞරව සඳහා දේහය නිදහස් චතුරස්‍ර පරිශයේ තැන්පත් කරනු ලැබීය.