මහින්දානන්දට සහ නලීන් ප්‍රනාන්දුට සිර දඬුවම්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක් සහ හිටපු අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට වසර 25 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.
ඒ, 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමිනි.
ස.තො.ස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළහ.