මහින්දානන්ද අලුත්ගමගේ රිමාන්ඩ්

මහින්දානන්ද අලුත්ගමගේ රිමාන්ඩ්

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

පසුගිය රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීස සඳහා හිටපු අමාත්‍යවරයාට වරෙන්තු නිකුත් කෙරුණි.

ඒ අනුව එම නඩුව අද (19) කැඳවීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නීතිඥවරුන් විසින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වූ බව සඳහන් වේ.

Share This