මහින්ද රාජපක්ෂගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට

තමන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට පියවර ගැනීම අභියෝග කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීම හේතුවෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබුණා.