ගුරු වැටුප් වැඩි කිරීම ගැන මහින්ද ජයසිංහ දුන් ඉඟිය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වූ පරිදි ඉදිරියේ අයවැයෙන් රාජ්‍ය සේවක වැටපු සැලකිය යුතු මට්ටමකින් අනිවාර්යයෙන්ම වැඩි වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිවරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින්.
2021 වසරේ ගුරුවරුන් සිදු කළ අරගලයෙන් ගුරු ගැටලු රැසක් විසඳා ගත හැකි වූ බව ද මහින්ද ජයසිංහ මහතා එහිදී පෙන්වා දුන්නා.
එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ජනබලවේගය තුනෙන් දෙකක් සහිත ආණ්ඩුවක් මීට මාස දෙකකට පෙර බිහි කිරීමට හැකි වූ බවයි, ඒ මහතා කියාසිටියේ.
අධ්‍යාපන ක්ෂේත්රයේ ඇති ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද එහිදී මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළා.
ඉතා පහසුවෙන් විසඳීමට හැකි ගැටලු ඇතැම් නිලධාරින්ගේ ක්‍රියාවන් හේතුවෙන් ප්‍රමාද වන බව සඳහන්.
එමෙන්ම ගරුවරුන්ගේ තුනෙන් දෙකේ වැටුප් විෂමතාව විසඳන්න මූලික සාකච්ඡා මේ වනවිට සිදු කර තිබෙනවා.
ගුරුවරුන්ගේ වැටුප් තලය ඉහළ වැටුප් තල දහය අතරට රැගෙන ඒමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.
ගුරු සභාව වෙනුවට අධ්‍යාපන සේවා සභාව නමින් අලුතින් සභාවක් ආරම්භ කරන්න මූලික සාකච්ඡා මේ වනවිටත් සිදු කර ඇති බව සඳහන්.
වත්මන් රජය අභියෝග රැසකට මුහුණ දෙන බවත් ඒ අතරම ගොවි සහන, අස්වැසුම ප්රතිලාභ වැඩිකිරීම, පාසල් ළමුන්ට උපකරණ ලබාගැනීමට අවශ්‍ය වවුචර් පත් ලබාදීමට කටයුතු කර ඇති බවයි මහින්ද ජයසිංහ මහතා එහිදී අනාවරණ කළේ.