ලයිකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්

වෙළඳපොළ පුළුල් කිරීමට සැලසුම්

ලයිකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්

අභියෝගාත්මක ගෝලීය වෙළඳපොළක පිරිවැය අඩු කර වර්ධනය අත්කර ගැනීමේ උත්සාහයක් ලෙස ලයිකා සමූහය තම ව්‍යාපාර ඒකක කිහිපයක් ප්‍රතිසංවිධානය කිරීමට සහ විවිධ මෙහෙයුම් විධිමත් කිරීමට සැලසුම් එළිදක්වා තිබෙනවා.

ලොව පුරා විවිධ ජංගම අතථ්‍ය ජාල ක්‍රියාකරුවෙක් වන සමාගම උගන්ඩාවේ ක්‍රියාකරුවෙකු වනවා.

තම ප්‍රතිව්‍යුහගතකරණය හරහා ඩිජිටල් තාක්ෂණය භාවිතය වැඩි කිරීමට, අභ්‍යන්තර කාර්යයන් ඒකාබද්ධ කිරීමට සහ විවිධ ක්‍රියාවලීන් ස්වයංක්‍රීය කිරීමට අදහස් කර ඇත්තේ.

“ටෙලිකොම් අංශය පුරා තරඟකාරිත්වය තීව්‍ර කිරීමට සහ පිරිවැය ඉහළ යාමට” ප්‍රතිචාර වශයෙන් තම ව්‍යාපාරය පිළිබඳ පුළුල් සමාලෝචනයකින් පසුව මෙම පියවර ගත් බව ලයිකා සමාගම පැහැදිළි කරනවා.

මේ හරහා වෙළඳපල පුළුල් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ආයෝජනය කිරීමට සමාගම අදහස් කරන බව සඳහන්.

මේ යටතේ උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රදේශවල මධ්‍යස්ථාන සහිත මෙහෙයුම් සඳහා සහාය වීම වෙනුවෙන් ගෝලීය ව්‍යාපාරික සේවා මධ්‍යස්ථාන භාවිතා කරනු ඇති අතර විවිධ රටවල් විකුණුම් කේන්ද්‍ර කරගත් මධ්‍යස්ථාන බවට පත්වනු ඇති.

මෙම වෙනස්කම් සමගින් සැලකිය යුතු මෙහෙයුම් කාර්යක්ෂමතාවක් අත්කර ගැනීමට, නව සේවාවන් සමග වෙළඳපොළ අත්පත්කර ගැනීමේ වේගය වැඩි කිරීමට සහ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට ලයිකා සමූහය අපේක්ෂා කරන බව සඳහන්.

තවදුරටත් ඉදිරියට යමින්, අප්‍රිකාවේ නව ජංගම අතථ්‍ය ජාල අවස්ථා සඳහා ආයෝජනය කිරීම , තවත් නව රටවල වෙළෙඳපොළ අවස්ථාවන් වෙත අවතීර්ණ වීම සහ අමෙරිකා එක්සත් ජනපදයේ සහ ස්පාඤ්ඤයේ නව ඩිජිටල් සන්නාම දියත් කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

ලයිකා සමාගමේ මෙම ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින්, එහි නියෝජ්‍ය සභාපති ප්‍රේමනාදන් සිවසාමි පැවසුවේ නව උපායමාර්ගික ප්‍රතිසංවිධානය නිර්භීත ඉදිරි පියවරක් බවයි.

මෙම වෙනස සමාගමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරනවා පමණක් නොව, වේගයෙන් වෙනස් වන කර්මාන්තයකට අනුවර්තනය වීමේ හැකියාව ශක්තිමත් කරන අතර අවසානයේ ගනුදෙනුකරුවන්ට, හවුල්කරුවන්ට සහ සේවකයින්ට ගෝලීය වශයෙන් ප්‍රතිලාභ ලබා දෙන බව ඔහු සඳහන් කර සිටියා.

Share This