බෙලරුස් ජනපතිවරණයෙන් ලුකෂෙන්කෝට දැවැන්ත ජයග්‍රහණයක්

බෙලරුස් ජනපතිවරණයෙන් ලුකෂෙන්කෝට දැවැන්ත ජයග්‍රහණයක්

ඊයේ (26) පැවති ජනාධිපතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට බෙලරුසියානු හිටපු නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමත්ව තිබෙනවා.
එමගින් ඔහු සිය වසර 31ක පාලනය තවත් දීර්ඝ කර ගැනීමට සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත් ඔහුගේ මෙම ජයග්‍රහණය බටහිර රටවල් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
බෙලරුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ ප්‍රධානියා පවසන්නේ හිටපු ජනපතිවරයා ඡන්දවලින් 86.8% ක් ලබා ගත් බවයි.
ඒ අනුව එරට ජනතාව හිටපු ජනපතිවරයාවම නව ජනපතිවරයා ලෙස නැවතත් පත් කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ජනපතිවරණය නිදහස් හෝ සාධාරණ නොවන බවයි යුරෝපීය දේශපාලනඥයන් පවසන්නේ.
ඒ පැරණි සෝවියට් රාජ්‍යයේ ස්වාධීන මාධ්‍ය තහනම් කර ඇති බවත්, සියලුම ප්‍රමුඛ විපක්ෂ පුද්ගලයින්ට විදේශගත වීමට බල කර ඇති බවත් සිහිපත් කරමින්.
බෙලරුසියානු ජනතාවට වෙනත් විකල්පයක් නොතිබුණ බවත්, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන සියලු දෙනාටම අද කටුක දිනයක් බවත් Xහි සටහන් තබමින් ජර්මානු විදේශ අමාත්‍ය ඇනලීනා බෙයර්බොක් පවසනවා.
පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලෝ සිකෝර්ස්කි ද පවසා ඇත්තේ ඡන්දදායකයින්ගෙන් 87.6% ක් පමණක් ලුකෂෙන්කෝට සහාය දැක්වීම පුදුම සහගත බවයි. ඉතිරි පුද්ගලයින්ට බන්ධනාගාරය උරුම වනු ඇත්දැයි ඔහු ප්‍රශ්න කර තිබෙනවා.

 

Share This