LPL තරග පාවාදුන් දඹුල්ල කණ්ඩායමේ හිමිකරුට අත්හිටවූ සිරදඬුවම්

(අකිලා නදීෂානි බණ්ඩාර)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග පාවාදීමේ චෝදනාවට වරදකරු වූ දඹුල්ල කණ්ඩායමේ හිමිකරු තමිම් රහ්මාන්ට වසර හතරක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රත්නතුංග එය වසර 05කට ඊයේ (28දා) අත්හිටවන ලෙස නියෝග කළේය.
මෙම චෝදනාවට වරද පිළිගත් විත්තිකරුට රුපියල් ලක්ෂ 240 ක දඩයක් ද මහාධිකරණය විනිසුරුවරයා විසින් නියම කළේය.
මෙම සිද්ධියට අදාල පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා සමග මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය යටතේ පවතින ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පෙනී සිටියේය.
