ලොස් ඇන්ජලීස් ලැව්ගිනි හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

ලොස් ඇන්ජලීස් නගරයට තර්ජනයක්ව පැතිරෙන ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට ඉහත වාර්තා වූයේ, අහිමි වූ ජීවිත ගණන 5 ක් වන බවයි.

ගින්නෙන් විනාශයට පත්ව ඇති ගොඩනැගිලි ගණන 10,000 කට ආසන්න බව සඳහන්.

ලැව්ගිනි ව්‍යාප්තිය අද දවස වන විට අඛණ්ඩව තුන්වන දිනටත් සිදුවෙමින් පවතින අතර, විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විට ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ ලැව් ගිනි ගැනීම් පහක් සිදුවෙමින් පවතින බවයි.

ඒ අනුව පැලිසේඩ්ස්, ඊටන්, කෙනත්, හර්ස්ට් සහ ලිඩියා ප්‍රදේශවල මෙම ලැව් ගිනි පැතිර යමින් පවතින අතර ඉන් යම් පමණක් හෝ පාලනය කර ඇත්තේ පැලිසේඩ්ස් ප්‍රදේශයේ පැතිර යන ගින්න පමණක් බවත් සඳහන්.

Share This