අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි හදිසි තත්ත්වයක්

ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 30,000 කට ඉවත් වන ලෙස නියෝග

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි හදිසි තත්ත්වයක්

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ පැය කිහිපයක් ඇතුළත විශාල ලැව් ගින්නක් ඇතිවීමත් සමගයි.

අක්කර 10 ප්‍රමාණයක සිට අක්කර 2,900 කට වඩා වැඩි ප්‍රදේශයක ලැව් ගින්න පැතිරීමට ඉතා සුළු කාලයක් ගතවූ බවයි අමරිකානු බලධාරීන් පවසන්නේ.
මේ අනුව 30,000 කට අධික පිරිසක් ඉවත් කිරීමේ නියෝග යටතේ සිටින බවත්, ගොඩනැගිලි 13,000 ක් තර්ජනයට ලක්ව ඇති බවත් ගිනි නිවන ප්‍රධානී ක්‍රිස්ටින් ක්‍රෝලි පවසනවා.

මෙම ලැව් ගින්න ප්‍රථමයෙන් පැසිෆික් පැලිසේඩ්ස් ප්‍රදේශයේ හටගෙන ඇති අතර ඉතා වේගයෙන් පැතිර යමින් පවතින බව සඳහන්.

එරට වේලාවේන් අඟහරුවාදා 10:30 පමණ මෙම ගින්න හටගෙන ඇති අතර එය පැයට සැතපුම් 25 ක වේගයෙන් හමන් සුළං සහ අධික වියළි කාලගුණය නිසා අතිශයින්ම අභියෝගාත්මක වී තිබෙනවා.

ලොස් ඇන්ජලීස් හි පැතිර යන ගින්න පාලනය කිරීමට අවශ්‍ය නිසා සාමාන්‍යයෙන් රථවාහන තදබදයෙන් පිරුණු වීදි හරහා තිබූ වාහන 200 ක් පමණ බුල්ඩෝසර භාවිතයෙන් ඉවත් කර ඇති බවත් සඳහන්.
කෙසේ වෙතත් මේවනතෙක් තුවාලකරුවන් කිසිවක් වාර්තා වී නොමැති අතර කිසිවෙකු අතුරුදහන් වී නොමැති බවත් වාර්තාවනවා.
තවමත් වර්ධනය වෙමින් පවතින මෙම ලැව් ගින්න නිසා කැලිෆෝනියාවේ මිලියන සංඛ්‍යාත ජනතාවක් ද රතු කොඩි අනතුරු ඇඟවීමක් යටතේ සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

Share This