පුපුරන ද්‍රව්‍ය සහිත ලොරියක් පොලිස් භාරයට

පුපුරන ද්‍රව්‍ය සහිත ලොරියක් හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන පොලිස් මුරපොලේ දී ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව හබරණ පොලීසිය පවසයි.
එහිදි ලොරි රථය පරීක්ෂා කිරීමේදී රියදුරු අසුනා ළඟ තිබෙන ඩෑෂ් බෝඩ් එක යට තිබී වෙඩි බෙහෙත් තොගයක්ද සී4 වර්ගයේ අති බල ඇති පුපුරනවා ද්‍රව්‍ය ග්‍රෑම් 165,07 පොලිසිය මගින් සොයාගෙන ඇත.
අදාල ලොරි රථය ගාල්ල ලැබුදුව ප්‍රදේශයේ සිට කන්තලේ දක්වා ධාවනය කර ඇත.
එම ලොරියේ රියදුරු පනස් නම හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු පැවසුවේ සිය රථය මෙම පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි.
රියදුරු විසින් වැඩිදුරටත් කියා සිටියේ තමන්ට හොරෙන් මේවා එහි සඟවන්නට ඇති බවයි.
හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
චන්දන ලක්මාල්