පුංචි ඡන්දය නියමිත දිනට පවත්වනවා – මැතිවරණ කොමිසම

පුංචි ඡන්දය නියමිත දිනට පවත්වනවා – මැතිවරණ කොමිසම

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත දිනයේදී පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ, අද (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 16 වැනිදා සිට සිදු කරන බවයි, ඔහු කියා සිටියේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන නිලධාරි සංගණනය මේ වනවිට අවසන් අදියරේ පවතිනවා.

එමෙන්ම ඒ සඳහා ඉල්ලුම් නොකළ රාජ්‍ය සේවකයින් හැකි ඉක්මනින් ඒවා ඉදිරිපත් කරන ලෙසටයි, ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

Share This