ත්‍රීවිල්වල නීත්‍යානුකූල අමතර උපාංග ඉවත් කරන්නේ නැහැ

ත්‍රීවිල්වල නීත්‍යානුකූල අමතර උපාංග ඉවත් කරන්නේ නැහැ

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය මගින් ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවන් පිළිබඳව සහ එයට අනුකූලව ත්‍රීරෝද රථවල නීත්‍යානුකූලව සවිකර ඇති කොටස් ඉවත් නොකිරීමට මින් ඉදිරියට පොලීසිය කටයුතු කරනු ඇති.

සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පති අතර අද (15) පැවැති සාකච්ඡාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් නීතියට අනුකූල නොවන අන්තරාදායක ආකාරයෙන් සවි කර ඇති කොටස් ඉවත් කිරීමට කටයුතු කරන බවටද එහිදී දැනුම් දී තිබෙනවා.

 

Share This