ජෙෆ් බෙසොස්ගේ බ්ලූ ඔරිජින් රොකට්ටුව දියත් කිරීම නැවතත් කල් යයි
වසර 10 ක් පුරා සංවර්ධනය කෙරුණු ජෙෆ් බෙසොස්ගේ බ්ලූ ඔරිජින් රොකට්ටුව දියත් කිරීම, නියමිත වේලාවට මිනිත්තු 06 ට පෙර නතර කර ඇති බව වාර්තා වනවා.ජෙෆ් බෙසොස්ගේ බ්ලූ ඔරිජින් සමාගම නිර්මාණය කළ මෙම නිව් ග්ලෙන් රොකට්ටුව ඊයේ උදෑසන ෆ්ලොරිඩාවේදී දියත් කිරීමට නියමිතව තිබූවක්.
බ්ලූ ඔරිජින් සමගාමේ පළමුවැනි රොකට් දියත් කිරීම වූ මෙය, පෘථිවිය වටා කක්ෂගත වූ පළමු ඇමරිකානුවා වන ජෝන් ග්ලෙන් ට ගෞරවයක් වශයෙන් නිව් ග්ලෙන් ලෙස නම් කර තිබෙනවා.
මෙහි ඉලක්කය වූයේ රොකට්ටුව කක්ෂයට ගමන් කිරීමයි.
මෙම රොකට්ටුව දියත් කරන බූස්ටරය ගොඩ බෑමට අත්ලාන්තික් සාගරයේ පිහිටුවා තිබූ වේදිකාව ජෙෆ් බෙසෝස්ගේ මවගේ නමින් ජැක්ලින් ලෙස නම් කර තිබෙනවා.
බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගම නිව් ග්ලෙන් “යෝධ, නැවත භාවිතා කළ හැකි රොකට්ටුවක්” ලෙසයි හඳුන්වා ඇත්තේ.
ඔවුන් පවසන්නේ එය මිනිසුන් අභ්‍යවකාශයට පියාසර කිරීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇති බවයි.
නමුත් ඝ්Mඨ් 07:20 ට පමණ, සමාගමේ ප්‍රකාශකයෙකු “විෂමතා කිහිපයක්” නිසා දියත් කිරීම දිනය සඳහා අත්හිටුවූ බව නිවේදනය කර තිබෙනවා.
රොකට්ටුව දියත් කරන තවත් උත්සාහයක් සඳහා නව දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.
බෙසෝස්ට අවශ්‍ය වන්නේ තම සමාගම එලොන් මස්ක්ගේ ස්පේස්එක්ස් හි ප්‍රතිවාදියෙකු වීමට බවයි විචාරකයන් පවසන්නේ.