විදුලිය ගාස්තු සංශෝධනය ගැන ලැබුණු අලුත්ම ආරංචිය

2025 වසරේ දෙවන අර්ධය සඳහා වන විදුලිය ගාස්තු සංශෝධනය මේ සතිය අවසන් වීමට පෙර ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට අදාළව මහජන අදහස් විමසීමෙන් අනතුරුව එහි සමාලෝචන කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව සඳහන් වෙයි.
එම මණ්ඩලය විසින් 18.3%ක විදුලිය ගාස්තු වැඩිවීමක් යෝජනා කර ඇත.