ලසිත් මාලිංග system change එක ගැන ප්‍රශ්න කරයි

ලසිත් මාලිංග system change එක ගැන ප්‍රශ්න කරයි

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී බහුලව භාවිත වූ වචනය ලෙස System Change හඳුන්වාදිය හැකියි.

කෙසේ වෙතත් ඊයේ (19) දින බීර රැගත් කන්ටේනර් රථයක් පෙරළීමේ සිද්ධියත් සමඟ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ලසිත් මාලිංග ප්‍රශ්න කර තිබෙනවා. ඒ, සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්.

“පුදුම සතුටක් දැනෙනව. 225 හොරැ නිසා මේ රට  නැත්තටම නැති වූ බව කියා මහ සද්දයක් ඇහුන කියල මතකයි. 75 වසරක සාපයක් ගැනද මහා හඩින් මොර දෙන සද්දද අදටත් විටින් විට ඇසෙයි. අවබෝදයෙන් system change වී ඇති බව පෙනේ 😰 ඒ වෙනුවෙන් දරන මහන්සිය සහ එක මුතු කම පුදුමාකාරයි නේද ? වෙනස් වෙන්න උත්සාහ කරමු.” 

කොළඹ – රත්නපුර මාර්ගයේ ඇහැළියගොඩ මීන්නාන ප්‍රදේශයේ බියර් කන්ටේනර් රථයක් පෙරළීමෙන් ඊයේ (19) පස්වරුවේ දැඩි රථ වාහන තදබදයක් ඇති වුණා. එහිදී මාර්ග පුරා විසිර තිබූ බියර් බෝතල් ජනතාව විසින් රැගෙන ගිය බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.

Share This