දිස්ත්‍රික්ක හතකරට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක හතකරට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක‌ට අදියර එක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදාළ අනතුරු ඇඟවීම බලාත්මක වනු ඇත.

අදියර එක යටතේ නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම  හෙට (27) පෙරවරු 10.00 දක්වා බලාත්මකවේ.

Share This