ඔහිය සහ ඉදල්ගස්ඉන්න දුම්රිය ස්ථාන අතර නායයාමක්
දුම්රිය ප්රමාදයක් ගැන දැනුම්දීමක්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ඔහිය සහ ඉදල්ගස්ඉන්න දුම්රිය ස්ථාන අතර සිදුවූ නායයාම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා සිදුවී තිබෙනවා.
මේ වනවිට දුම්රිය කාර්ය මණ්ඩල යොදවා අදාළ ස්ථානයන්ගේ පස් ඉවත් කිරීම් කටයුතු සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කඩිනමින් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බවද එම දෙපාර්තමේන්තුව දැනුම්දුන්නා.
ඒ අනුව, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය විමට නියමිත රාත්රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය ධාවනය, අදාළ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්වන තුරු ප්රමාද කිරීමට සිදුව තිබෙනවා.