සතියක් පුරා පැවති දැවැන්ත ලැව්ගිනි 25 වන මරණය තහවුරු කරයි

සතියක් පුරා පැවති දැවැන්ත ලැව්ගිනි 25 වන මරණය තහවුරු කරයි

අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ ලැව්ගිනි තවදුරටත් පැතිරයමින් පවතින අතර අද සිට සුළං ප්‍රවාහය නැවත වැඩි වීම නිසා ලැව්ගිනි පැතිරයාමේ අවධානම තවත් තීව්‍ර වී තිබෙනවා.

පහුගිය සතිය පුරාම මෙම ලැව්ගිනි අමෙරිකාව පෙර නොවූ විරූ අත්දැකීම් සමුදායකයට නිරාවණය කළ අතර, මේ වන විට සිදුව ඇති ලැව් ගිනි මරණ ගණන 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 16 දෙනෙක් අතුරුදන් බවයි විදෙස් වාර්තා පවසන්නේ.

සමහර කඳුකර ප්‍රදේශවල, සුළං පැයට සැතපුම් 70 (පැයට කිලෝමීටර 113) ක වේගයකට ළඟා විය හැකි අතර, ඒවා දිගටම පැවතුනහොත් එය සුළි කුණාටු තත්ත්වයක් මෙන් බලවත් වී ලැව්ගිනි වේගයෙන් පැතිර යනු ඇති බවට බලධාරීන් අනතුරු අඟවනවා.

මෙම අපේක්ෂිත සුළං වේගය වැඩිවීම ඉතිරි ලැව්ගිනි හතර නිවා දැමීමට තර්ජනයක්.

ගිනි නිවන භටයින් මෙම ලැව්ගිනි මැඩපැත්වීමට සටන් කරන අතරම වැසි අපේක්ෂාවෙන් පසුවන බවයි නිලධාරීන් පවසන්නේ.


ලෝකය පුරාම ධනවතුන්ට ප්‍රශ්න දැනෙන්නේ එක ආකරයකට. දුප්පතුන්ට තවත් විදිහකට. ඒ සත්‍යතාව අමෙරිකානුවන්ටත් එහෙම්මමයි.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර බ්‍රෙන්ට්වුඩ් කියන්නේ. අමෙරිකානු බිලියනපතියන් ජීවත්වන ප්‍රදේශයක්. මේ වෙද්දී බ්‍රෙන්ට්වුඩ් ප්‍රදේශයේ ජීවත්වන අමෙරිකානු මිලියන – බිලියනපතියන්, පැතිරයමින් පවතින මේ ලැව්ගිනි අනතුරෙන් තමන්ගේ නිවාස ආරක්ෂා කර ගන්න පෞද්ගලික ගිනි නිවන භටයන්ගේ සේවාව ලබා ගන්න කටයුතු කරලා.

ඇත්තම තත්ත්වය නම් තවමත් ලොස් ඇන්ජලීස් බ්‍රෙන්ට්වුඩ් ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ඉවත් වෙන්න කියලා රජය නිවේදනය නොකිරීම.

හැබැයි මේ සුපිරි ධනවතුන් තමන්ගේ මුදල් බලය නිසාම විශාල වශයෙන් පෞද්ගලික ගිනි නිවන රථ ගෙන්වාගෙන තමන්ගේ ධනවත් සුපිරි මන්දිර ආසන්නයේ ගාල් කරගෙන ඉන්නවා කියලයි බීබීසී ය සඳහන් කරන්නේ.

සාමාන්‍ය ජනතාව, වැඩිහිටි නිවාස, රෝහල් වගේ පිරිස වැඩිපුර ගැවසෙන ස්ථාන ලැව්ගිනිවලින් ආරක්ෂා කරගන්න අමෙරිකානු රජය ප්‍රමුඛ පිරිස මහන්සි වෙද්දී, මේ විදිහට තමන්ගේ මුදල් බලයෙන් සමාජයේ වැජඹෙන පිරිසක් ගිනි නිවන රථ පෙළක්ම තම මන්දිර ඉදිරිපස නවත්වාගෙන ඉන්න එක කොයි තරම් නම් ශිෂ්ඨ සම්පන්නද කියලා අමෙරිකානුවන් අතරම කතාබහක් මතුවෙලා තිබෙනවා.

Share This