හැමෝගෙන්ම හංගපු රහස එළියට – ස්වර්ණවාහිනියෙන් පිදෙන, ආදරණීයම ටෙලි සිත්තම

හැමෝගෙන්ම හංගපු රහස එළියට – ස්වර්ණවාහිනියෙන් පිදෙන, ආදරණීයම ටෙලි සිත්තම

ඔබට මතක ඇති පහුගිය දවස්වල ස්වර්ණවාහිනී ෆේස්බුක් අවකාශයෙන්, පුංචි ප්‍රශ්නයක් අහලා තිබුණා.

ඒ ප්‍රශ්නෙ අහලා තිබුණෙ, නව වසරේ ඔබේ ආලින්දයට එන්න නියමිත ආදරණීය වැඩක් ගැන රටටම කියන්න.

දැනටමත් ඔබ ඒ ප්‍රශ්නෙට උත්තරය මොකක්ද බව හොඳාකාරවම දන්නවා. එහෙම නේද…

නව වසර ආරම්භයේදීම, මෙතෙක් හංගගෙන උන්නු රහස… එහෙමත් නැත්නම් ඔබෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ රටටම කිව්වා.

”කුරුල්ලෝ” ඒ තමයි උත්තරේ.

May be a doodle of text

2025 නව වසරේ ලාංකීය ටෙලි නාට්‍ය රසිකත්වයට පිදෙන ආදරණීය ම තිළිණයයි, ”කුරුල්ලෝ”

ජනවාරි 07 වැනිදා සිට සෑම සතියේ දිනකම සවස 6.20 ට ”කුරුල්ලෝ” ඔබේ ආලින්දයට පැමිණෙනු ඇති.

එහි තේමා ගීතයත්, අද (ජනවාරි 01) ‘අහංකාර හැන්දෑව’ තුළින් නිකුත් කෙරුණා.

කතාව ආරම්භයේ අපි කිව්වා වගේම, ගෙවුණු කාලය තුළ සමාජ මාධ්‍ය වේදිකාවන්හි මේ නවතම ටෙලි අත්දැකීම ගැන ලොකු කතාබහක් නිර්මාණයව තිබුණා.

ඊට ප්‍රධානතම කාරණාවක් තමයි, ටෙලි තිරය සරසන ‘කුරුළු රංචුව’

එහෙමත් නැත්නම්, ”කුරුල්ලෝ” ඔබ වෙත අරන් එන කණ්ඩායම. ඒක හරි අපූරු සුසංගෝගයක් කිව්වොත් හරි.

ප්‍රවීණ සහ නව පරපුර අපූරුවට ගැළපුණු ටෙලි සිත්තමක් මේ.

No photo description available.

නිරෝෂන් විජේසිංහ, ෆර්නි රෝෂිනි, සුරංගි රුවන්මලී, දිනෙල්ක මුතුආරච්චි, මදාරා සෙව්වන්දි, අනුරාධ මල්ලවාරච්චි ගමගේ, සෙනාලි ෆොන්සේකා, කාවිංග පෙරේරා, කවින්ද්‍යා අධිකාරි, දිලිප් කුමාර කෝරළගේ, නිමේෂ් විරංග, තීක්ෂණ ශ්‍රී විජේසිංහ, බිමල් රසාංජය, සපුමල් චන්ද්‍රසිරි, චතූ ගම්ලත් සහ සංජලී කාරියප්පෙරුම

ඒ තමයි ස්වර්ණවාහිනිය ඔස්සේ ඔබේ ආලින්දය සරසන ‘කුරුළු රංචුව’

කුරුල්ලෝ ටෙලි නිර්මාණය, අධ්‍යක්ෂ ගවිඳු දීසුර විසින් කළ අපූරු වැඩක්. එහි කතා සංකල්පය සහ තිර රචනයත් ඔහුගේම වීම විශේෂයි.

මෙහි නිෂ්පාදනය ප්‍රමුඛ ආදිත්‍ය විසින්. සංස්කරණය සහ වර්ණ සංයෝජනය දිනෙල්ක මුතුආරච්චි. සහය අධ්‍යක්ෂණය ධනුෂ්ක එන් පෙරේරා. සංගීත අධ්‍යක්ෂණය ලකී ලක්මිණ. කැමරා අධ්‍යක්ෂණය උපුල් ප්‍රියාන්.

එහෙනම් අපි ඔබට ආරාධනා කරනවා, ජනවාරි 07 වැනිදා සිට සෑම සතියේ දිනකම සවස 6.20 ට ‘කුරුල්ලෝ’ ටෙලි අහසේ පියාසර කරන අපූරුව දැකබලා ගන්නා හැටියට….

සටහන : නඳුනි ආරියවංශ
Share This