කුමාර සංගක්කාර වගකීම භාරගන්න සූදානම් වෙයි
IMLT20 තරගාවලියේ කොටස්කරුවෙක් වීම සම්බන්ධයෙන් තමන් සතුට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක කුමාර සංගක්කාර පවසනවා.
ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, IML හි ෆේස්බුක් පිටුවෙහි සටහනක් තැබීමටයි කටයුතු කර ඇත්තේ.
තමන් එහිදී නැවත වරක් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් සමඟ අත්දැකීම් බෙදාගැනීමට බලාපොරොත්තු වන බව ද සංගක්කාර ප්‍රකාශ කර ඇති බව සඳහන්.
මෙම තරගාවලිය පෙබරවාරි මස 22 වැනිදා සිට මාර්තු 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඊට ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය යන කණ්ඩායම් ක්‍රීඩා කරනු ඇති.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ, කුමාර සංගක්කාර විසින්.