කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ?

රතු වරෙන්තු ලැබ සිටි මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා මලයාසියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහුට සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබිණි.
මීට අමතරව තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත නැමැත්තාද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
කෙහෙල්බද්දර පද්මේ වෙනත් නමකින් එරටදී පෙනී සිට ඇති අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු මෙරට පොලිසිය මගින් ලබාදී ඇති බව වාර්තා වේ.