කසුන් රාජිත එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට

කසුන් රාජිත එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ  එසෙක්ස් කණ්ඩායම සමඟ තරග පහක් සඳහා ගිවිසුම් ගතවී තිබේ.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 18ක් ක්‍රීඩා කර ඇති අතර එහි දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 55කි.

කසුන් රාජිත 2024 වසරේදී අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.

ඒ අනුව ලබන සිකුරාදා චෙල්ම්ස්ෆර්ඩ්හිදී වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහිව ඔහු ක්‍රීඩා කරයි.

මෙම පියවර මගින් රාජිත 2022 සිට 2024 දක්වා  ශ්‍රී ලංකා ප්‍රධාන  පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් සමඟ නැවත එක්වනු ඇත.

Share This