කපූර් පවුලම අගමැති මෝදි හමුවට
කපූර් පවුලම ඉන්දීය අගමැති මෝදිව මුණගැහෙන්න නවදිල්ලියට ගිහින්.
ඒ, සුවිශේෂී ආරාධනාවක් අරන්.
රන්බීර් කපූර්, ආලියා භාත්, කරීනා කපූර් ඛාන්, සයිෆ් අලි ඛාන්, කරිෂ්මා කපූර්, නීතු කපූර්, රිද්දිමා කපූර් සහනි, භාරත් සහනි, රීමා ජේන්, මනෝජ් ජේන්, ආදාර් ජේන්, ආමන් ජේන් සහ ඔහුගේ බිරිඳ අනිසා මල්හෝත්‍රා යන කපූර් පවුලේ සාමාජිකයන් මේ විදියට අගමැති මෝදිව මුණගැහිලා තිබුණෙ ‘රාජ් කපූර්ගේ 100 වැනි ජන්ම සංවත්සරය’ සමරන්න ආරාධනා කරන්න.
ඒ, දෙසැම්බර් 14 වැනිදාට.
ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව එදාට ‘ඉන්දියානු සිනමාව සඳහා වූ දායකත්වයේ කීර්තිමත් වසර 100’ සමරනු වස්, සුවිශේෂී කටයුත්තක් සංවිධානය වෙලයි තියෙන්නෙ.
‘රාජ් කපූර් සිනමා උළෙල’
දෙසැම්බර් 13 සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන සිනමා උළෙල සඳහා රාජ් කපූර්ගේ ජනප්‍රිය සිනමාපට 10 ක් ප්‍රදර්ශනය කෙරෙන බව සඳහන්.
ඒ, නගර 40 ක් පුරා සිනමා ශාලා 135 ක් ආවරණය වන පරිද්දෙන්.
රාජ් කපූර් උපත ලැබුවේ 1924 වසරේ දෙසැම්බර් 14.
ඉන්දියානු නළුවෙක්, චිත්‍රපට අධ්යක්ෂවරයෙක් සහ නිෂ්පාදකයෙක් වන ඔහු ‘රන්බීර් රාජ් කපූර්’ මැයෙන් ද හැඳින්වෙනවා.
ඇතැම් තැන්වල ඔහුව හඳුන්වන්නෙ, ඉන්දියානු සිනමාවේ චාලි චැප්ලින් නමින්.
කපූර් පවුලේ ප්‍රිත්විරාජ් කපූර්ගේ වැඩිමල් පුත්‍රයා ලෙස පෙෂාවර් හි උපත ලද රාජ් කපූර්, ඉන්දියාවේ ජාතික චිත්‍රපට සම්මාන තුනක් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන 11 ක් ඇතුළුව බහුවිධ ඇගයීම්වලට පාත්‍ර වූ කලාකරුවෙක්.
ඔහු කෙතරම් සුවිශේෂී අයෙක් ද කිවහොත්, 2005 දී ටයිම්ස් සඟරාව විසින් “ලෝක සිනමාවේ සර්වකාලීන විශිෂ්ටතම රංගනයන් දහයෙන් එකක්” ලෙස අවරා හි (Awaara) ඔහුගේ රංගනය ශ්‍රේණිගත කරලත් තියෙනවා.
ඔහුගේ චිත්‍රපට ආසියාව, මැදපෙරදිග, කැරිබියන්, අප්‍රිකාව සහ සෝවියට් සංගමයේ සමහර කොටස්වල ගෝලීය වාණිජමය සාර්ථකත්වයන් අත්කරගත් ඒවා වීම විශේෂයි.