කටට රහට කංකුන් තෙම්පරාදුවක්

කටට රහට කංකුන් තෙම්පරාදුවක්

කංකුන් කියන්නෙ ලොකු කුඩා භේදයකින් තොරව කවුරුත් කන්න ආස, රසයෙන් වගේම ගුණයෙනුත් අනූන ආහාරයක්.

විශේෂම කාරණය තමයි එය පහසුවෙන් සපයා ගත හැකි, මිලෙන් අඩු පලා වර්ගයක් වීම.

කංකුන්වලින් විවිධ වූ රසට ආහාර වර්ග සකසන්න පුළුවන්.

ඒ අතර විශේෂයි, ‘කංකුන් තෙම්පරාදුව’

අද අපේ සූදානම කටට රහට කංකුන් තෙම්පරාදුවක් හදාගන්න හැටි ගැන ඔබට කියන්න….

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කංකුන් අවශ්‍ය පමණට
  • සුදුලූණු
  • වේලන ලද මිරිස් කරල් කිහිපයක්
  • ලොකු ලූණු
  • තක්කාලි සෝස් මේස හැඳි 1ක්
  • සෝයා සෝස් මේස හැඳි 1ක්
  • ගම්මිරිස් සහ මිරිස් කුඩු (රස අනුව)
  • ලුණු කුඩු (රස අනුව)
  • එළවළු තෙල්

සාදාගන්නා ආකාරය :

  • පළමුව හොඳින් සෝදාගත් කංකුන් තරමක කැබලි වන සේ කපා ගන්න.
  • අනතුරුව භාජනයක් ගෙන ඊට සෝයා සෝස්, තක්කාලි සෝස්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.
  • දැන් භාජනයක් ගෙන ලිප තබා ඊට තෙල් ස්වල්පයක් එකතු කරගන්න.
  • තෙල් හොඳින් රත් වුණු පසු එයට සුදු ලූණු සහ ලොකු ලූණු එකතු කරගන්න.
  • මද වේලාවකින් එයට වේලන ලද මිරිස් කරල්ද එකතු කරගන්න.
  • ඉන්පසු කංකුන් එකතු කර සියල්ල හොඳින් කලවම් කරගන්න.
  • මද වේලාවකින් ඊට කලින් සකසන ලද සෝස් මිශ්‍රණය එකතු කර හොඳින් කලවම් කරගන්න.
  • කංකුන්වල කොළ පැහැය වියැකී යාමට මත්තෙන් ලිපෙන් ඉවතට ගෙන වෙනත් බඳුනකට දමා පිළිගන්වන්න.
(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරින්)
Share This