වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට කමිදු මෙන්ඩිස් නිර්දේශ වෙයි

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට කමිදු මෙන්ඩිස් නිර්දේශ වෙයි

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් නිර්දේශ කර තිබෙනවා.

ඒ, මෙම වසරේ ඔහු දැක්වූ දස්කම් පදනම් කරගනිමින්.

2024 වසරේ ඉනිම් 09කට ක්‍රීඩා කර ඇති කමිඳු මෙන්ඩිස් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1049ක්.

මේ අතර එංගලන්තයේ ජෝ රූට් සහ හැරි බෲක් මෙන්ම ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා ද අදාළ සම්මානය සඳහා නිර්දේශ කර ඇති සෙසු ක්‍රීඩකයින් වනවා.

Share This