කාලිංග කුමාරගේට ලෝකඩ පදක්කමක්

ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට කාලිංග කුමාරගේ සමත් විය.
ඒ සඳහා ඔහු වැය කළ කාලය තත්ත්පර 45.55කි.
තරගය තත්ත්පර 45.33කින් අවසන් කළ කටාර් රාජ්‍යයේ ඉස්මයිල් වයි ඊබ්‍රහිම් රන් පදක්කම දිනාගත් අතර රිදී පදක්කම දිනාගනු ලැබුවේ, ජපානයේ ෆුගා සටෝ විසින්.